නව කොරෝනා වෛරසය වේගයෙන් පැතිර යෑම හේතුවෙන් අමෙරිකාවේ ප‍්‍රාන්ත 23 කට හදිසි තත්ත්වයක් ප්රකාශයට පත් කර තිබෙනවා.
ඒ අනුව එරට අගනුවර වන වොෂින්ටන් නගරයත් මෙම හදිසි තත්ත්වයට යටත් වන අතර අමෙරිකාවේ ප‍්‍රාන්ත 35 කට අධික ගණනකට මෙම වෛරසයේ බලපෑම එල්ල වී තිබෙනවා. එමෙන්ම අමෙරිකානු ජනාධිපති ඩොනර්ල්ඩ් ට්‍රම්ප් විසින් බ්‍රිතාන්‍ය හැර සියලු යුරෝපා රටවල් සඳහා දින 30ක සංචාරක තහනමක් ද පනවා තිබෙනවා.