News Line| Off Air
Generic placeholder image

Mar
12

කොරෝනා වෛරසය ගැන ආයතන කාර්ය මණ්ඩල සාමාජිකයන් දැනුවත් කිරීම ඇරඹෙයි

985 Views


කොරෝනා වෛරසය ගැන ආයතන කාර්ය මණ්ඩල සාමාජිකයන් දැනුවත් කිරීම ඇරඹෙයි

කොරෝනා වෛරසය ගැන අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සංස්ථා ඇතුළු ආයතනවල කාර්ය මණ්ඩල සාමාජිකයන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

එහි පළමුවැන්න අද (12) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණා.

රෝගය හඳුනාගැනීම, ඉන් වැළකී සිටීම මෙන්ම ආරක්ෂාකාරීව ක්‍රියාකිරීම පිළිබඳව වෛද්‍ය දේශාන්ත දිසානායක මහතා කාර්ය මණ්ඩලය දැනුවත් කළා.

මේ පූර්වාදර්ශය අනුව රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේ සෑම ආයතනයකම වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට නියමිත අතර ආයතන කාර්ය මණ්ඩල තමන් ලබා ගන්නා දැනුම සිය පවුල්වල සාමාජිකයන්ට සහ සමාජයට ද බෙදා දෙනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

වෛරසය ව්‍යාප්තිය ජාතික උවදුරක් බවට වර්ධනය වීම වළක්වා ගැනීම වැඩසටහනේ අරමුණයි.

ජනාධිපති කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් (පාලන)කේ.බී. එගොඩවෙලේ මහතා ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ නිලධාරීහූ මේ අවස්ථාවට එක්ව සිටියා.


News Articles
Latest Videos
Most Popular Post