ඉදිරි මහ මැතිවරණයට අදාලව නාමයෝජනා බාර ගැනිමේ කටයුතු අද සිට ආරම්භ වීමට නියමිතව බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරනවා. ඒ අනුව නාමයෝජනා බාරගැනිම අද දිනයේ සිට ලබන 19 වන දින දහවල් 12.00 දක්වා සියලු දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල සිදු කෙරෙනු ඇති.
එමෙන්ම නාමයෝජනා බාර ගැනිමේ කාලසීමාව තුළ නාමයෝජනා බාර ගන්නා ස්ථානයන්හි විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව පොලිසිය සදහන් කරනවා