News Line| Off Air
Generic placeholder image

Mar
13

ගතවූ පැය 24 තුළ ඉතාලියෙන් නව කොරෝනා මරණ 189 ක්

1215 Views


ගතවූ පැය 24 තුළ ඉතාලියෙන් නව කොරෝනා මරණ 189 ක්

චීනයෙන් පිටත නව කොරෝනා වෛරසයේ වැඩිම බලපෑම ඉතාලියට එල්ල වී තිබෙනවා.

ඉතාලිය තුළ මේ වන විට වෛරසය ආසාදනයෙන් මියගිය සංඛ්‍යාව 1,016 ක් වන අතර ආසාදිතයන් පහළොස්දහස් එකසිය දහතුන් දෙනෙකු වාර්තා වුණා.

ගතවූ පැය 24 තුළදී ඉතාලියෙන් නව කොරෝනා මරණ 189ක් වාර්තාවී ඇති අතර එරටින් දිනක් තුළදි වාර්තාවූ වැඩිම මරණ සංඛ්‍යාව මෙය වනවා.

මැදපෙරදිග කලාපය තුළ නව කොරෝනා වෛරසයෙන් වැඩිම බලපෑමට ලක්වූ රාජ්‍යය වන ඉරානයෙන් ගතවූ පැය 24 තුළදී මරණ 75ක් වාර්තාවී තිබෙන්නේ සමස්ත මරණ සංඛ්‍යාව 429 දක්වා ඉහළ දමමින්.

එමෙන්ම ආසාදිතයින් සංඛ්‍යාව 10, 000 ඉක්මවා තිබෙනවා.

මේ අතර කටාර් රාජ්‍යය, අමෙරිකාව ඇතුළු රටවල් කිහිපයකින්ම ඊයේ දිනයේදීද නව කොරෝනා වෛරස මරණ වාර්තා වුණා.

පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් පාසැල් වසා දැමීමට හා විශාල වශයෙන් සෙනග රැස්වන සංස්කෘතික හා ක්‍රීඩා ඉසව් අවංලගු කිරීමට ප්‍රංශය, ඊශ්‍රායලය, පෘතුගාලය, අමෙරිකාව ඇතුළු රටවල් රැසක්ම මේ වන විට පියවර ගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post