මඩකලපුව ශික්ෂණ රෝහලේ ඉදිරිපිට උද්ඝෝෂණය කල තරුණයින් පිරිසක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අද(13)දහවල් මෙම තරුණයින් රෝහල ඉදිරිපිට උද්ඝෝෂණයේ නිරත වී ඇති අතර කෙරෝනා වෛරසය ආසාදනය වු පුද්ගලයෙකු රෝහලට ඇතුළත් කළ බව පවසමින් ඔවුන් මෙලෙස උද්ඝෝෂණයේ නිරත වූ බව සදහන්.
උණ රෝගය වැළඳුනු පුද්ගලයෙක් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණ ඇති අතර, එයට විරෝධය පළ කරමින් මොවුන් උද්ඝෝෂණයේ නිරත වී තිබෙනවා.
කෙසේ වෙතත් එම පුද්ගලයාට එවැනි රෝගී ලක්ෂණ නොමැති අතර, ඔහු සාමාන්‍ය වෛද්‍ය ප්‍රතිකාර සඳහා මෙලෙස රෝහල් ගතවී ඇති බව සදහන්.
ප්‍රතිකාර සඳහා සාමාන්‍ය රෝගින් රැගෙන එන ගිලන්රථ රෝහල් පරිශ්‍රයට ඇතුල්වීම පවා වළක්වාලමින් මෙම පිරිස කලහකාරීව හැසිරීම හේතුවෙන් මෙලෙස පොලීසිය විසින් මෙම පිරිස අත්අඩංගුවට ගැනුණා.