හෙට (14) දිනයේ සිට සති දෙකක කාලයක් සියලුම විශ්වවිද්‍යාල වසා දැමීමට කටයුතු කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපදාන කොමිෂන් සභාවේ සභාපතිවරයා පවසනවා.
රජයේ සියලුම පාසල් ද අද දිනයේ සිට වසා දැමීමට ඊයේ රජය තීරණය කළා.
එසේම දිවයිනේ සියලුම බෞද්ධ දහම් පාසල් ද අප්‍රේල් මස 26 වනදා දක්වා වසා තැබීමට තීරණය කළ අතර සියලුම පෞද්ගලික සහ අගරදගුරු යටතේ පවතින ජාත්‍යන්තර කතෝලික පාසල් ද හෙට සිට අප්‍රේල් මස 20 වනදා දක්වා වසා තැබීමට ඊයේ තීරණය කළා.
කොරෝනා වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මෙම පියවර ගෙන තිබෙනවා.