මෙරටින් හඳුනාගත් නව කොරෝනා වෛරසය ආසාදිත දෙවන ශ්‍රී ලාංකිකයාගේ පවුලේ සාමාජිකයින් වෛද්‍ය පරීක්ෂණ සඳහා අයි.ඩී.එච්. රෝහලට ඇතුලත් කර තිබෙනවා.
එම පුද්ගලයාගේ පවුලේ සාමාජිකයින් 8 දෙනෙකු ඊයේ රාත්‍රියේ අයි.ඩී.එච්. රෝහලට ඇතුලත් කර ඇති බව වාර්තා වනවා.
කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අදාල පුද්ගලයාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ දිනයේ තහවුරු වූ අතර ඔහු මේ වන විට අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබනවා.
මෙම තත්ත්වය තුළ ඔහුගේ පවුලේ සාමාජිකයින් ද වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමු කිරීමට තීරණය කර ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසුවේ.