News Line| Off Air
Generic placeholder image

Mar
13

නැවත දැනුම් දෙන තුරු ලාංකික ශ්‍රමිකයින් විදෙස්ගත කිරීම නවතයි

3268 Views


නැවත දැනුම් දෙන තුරු ලාංකික ශ්‍රමිකයින් විදෙස්ගත කිරීම නවතයි

ලොව පුරා ව්‍යාප්ත වන කොරෝනා තත්ත්වය පාලනය වන තුරු ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් විදේශගත කිරීම සඳහා අනුමැතිය ලබා නොදීමට විදේශසේවා නියුක්ති කාර්යාංශය තීරණය කර තිබෙනවා.

ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වෛරසයට එරෙහි ආරක්ෂිත පියවරක් ලෙස මෙම තීරණය ගෙන ඇති බව සදහන්.

ඒ අනුව එම තත්ත්වය සැලකිය යුතු මට්ටමකට පාලනය වන තුරු ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් විදේශගත කිරීම සඳහා අනුමැතිය ලබා නොදීමට විදේශසේවා නියුක්ති කාර්යාංශය තීරණය කළා.

නිපුණතා සංවර්ධන රැකී රක්ෂා හා කම්කරු සබඳතා අමාත්‍යතුමාගේ මඟපෙන්වීම යටතේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය, සභාපතිවරයා ඇතුළු කළමණාකාරීත්වයේ සහ බලපත්‍රලාභී විදේශ රැකියා ආයතන නියෝජනය කරන සංවිධාන වල සහභාගීත්වයෙන් අද දින පැවති සාකච්ඡාවේදී මෙම තීරණයට එළඹ තිබෙනවා.

එසේම, කොරෝනා වෛරසය ව්‍යාප්තව ඇති ඇතැම් රටවල් විසින් එම රටවල් වලට ඇතුළුවීම සීමා කිරීමට ගෙන ඇති තීරණය‍ට සහයෝගය දීමක් වශයෙන්ද මෙම තීරණ වලට එළැඹුණු බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසුවා.


News Articles
Latest Videos
Most Popular Post