News Line| Off Air
Generic placeholder image

Mar
13

සමගි ජනබලවේගයේ ඡන්ද ලකුණ ජනගත කරයි

748 Views


සමගි ජනබලවේගයේ ඡන්ද ලකුණ ජනගත කරයි

සජිත් ප්‍රේමදාස මහතා නායකත්වය දරන සමගි ජනබලවේගයේ ඡන්ද ලකුණ එළිදැක්වීම ඊයේ පස්වරුවේ එහි නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා.

ඒ බත්තරමුල්ලේදී පැවැත්වූ විශේෂ උත්සවයකදීයි.

එහිදි කුමාර වෙල්ගම මහතා නායකත්වය ලබාදෙන නව ලංකා නිදහස් පක්ෂයද සමගි ජන බලවේගය සමග සන්ධාන ගත වුණා.

සමගි ජන බලවේගය සිය ඡන්ද ලකුණ වන දුරකථනය ලාංඡනය ජනගත කිරීම එහි නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල්ලේදී ඊයේ රාත්‍රියේ සිදු කෙරුණා.

ඒ සඳහා සමගි ජනබලවේගයේ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ඇතුළු එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් එක්ව සිටියා.


News Articles
Latest Videos
Most Popular Post