News Line| Off Air
Generic placeholder image

Mar
14

කොරෝනා මරණ සංඛ්‍යාව 5000 ඉක්මවයි – අමෙරිකාවට හදිසි තත්ත්වයක්

1924 Views


කොරෝනා මරණ සංඛ්‍යාව 5000 ඉක්මවයි – අමෙරිකාවට හදිසි තත්ත්වයක්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් රට පුරා හදිසි තත්ත්වයක් ප‍්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ, ධවල මන්දිරයේ රෝස් ගාඩ්න්හි සිට විශේෂ ප‍්‍රකාශයක් සිදු කරමින්. කෝවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය අමෙරිකාව පුරා ව්‍යාප්තව ගොස් ඇති පසුබිමක් තුළ ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් මෙලෙස රටපුරා හදිසි තත්ත්වයක් ප‍්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව කොරෝනා මර්ධන වැඩපිළිවෙළ සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 50 ක ආධාර මුදලක් මුදාහැරීමට එරට ෆෙඩරල් රජයට අවස්ථාව හිමිවන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මේ වනවිට අමෙරිකාවේ ප‍්‍රාන්ත රැසක් පුරා නව කොරෝනා වෛරසය පැතිර ඇති අතර එරටින් වාර්තා වන අසාදිතයින් ගණන 2,269 ක් වනවා. වාර්තා වන පුද්ගල මරණ සංඛ්‍යාව 48 ක්.

මේ අතර නව කොරෝනා වෛරසය හේතුවෙන් ඉතාලියෙන් වාර්තා වන පුද්ගල මරණ ගණන 1,266 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ, දිනක් තුළ ඉතාලියෙන් පුද්ගල මරණ 250 ක් වාර්තා වීමත් සමගයි. නව කොරෝනා වෛරසයෙන් චීනයට පසු වැඩිම බලපෑමක් එල්ල වී ඇති රට ඉතාලිය වන අතර එම වෛරසයෙන් වැඩිම බලපෑමට ලක්ව ඇති යුරෝපා රට ද ඉතාලිය වනවා. ඉතාලියෙන් වාර්තා වන සමස්ථ කොරෝනා ආසාදිතයින් ගණන 17,660 ක්.

ඉතාලියට පසු නව කොරෝනා වෛසරයෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇති යුරෝපා රට වන්නේ ස්පාඤ්ඤයයි. එරටින් මේ වනවිටත් නව කොරෝනා ආසාදිතයින් 5,232 ක් වාර්තා වන අතර මරණ 133 ක් වාර්තා වනවා.

ඉරානයෙන් කොරෝනා මරණ 514 ක් වාර්තා වන අතර ප‍්‍රංශයේ සිදුව ඇති නව කොරෝනා මරණ සංඛ්‍යාව 79 ක්.

මේ අතර නව කොරෝනා වෛරසය හේතුවෙන් ඉන්දියාවෙන් දෙවන පුද්ගල මරණයත් අද වාර්තා වුණා.

මෙලෙස මියගොස් ඇත්තේ 68 හැවිරිදි කාන්තාවක්. දිල්ලි ප‍්‍රාන්තයේ පදිංචිකාරියක් වන ඇයට සිය පුත‍්‍රයාගෙන් එම වෛරසය ආසාදනය වී ඇති බව සදහන්.

එම පුත‍්‍රයාට ද නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇති අතර ඔහු ස්විට්සර්ලන්තයේ සහ ඉතාලියේ සංචාරය කර පැමිණි අයෙක්.

කෙසේ වෙතත් මියගිය කාන්තාව දියවැඩියාව හා අධි රුධිර පීඩනය තත්ත්වයෙන් පීඩා විඳිමින් සිට තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post