News Line| Off Air
Generic placeholder image

Mar
14

විදේශ රැකියා පුහුණු පාඨමාලාවන් තාවකාලිකව අත්හිටුවයි

805 Views


විදේශ රැකියා පුහුණු පාඨමාලාවන් තාවකාලිකව අත්හිටුවයි

මේ දිනවල ව්‍යාප්තව පවතින කොරෝනා වෛරසය (කොවිඩ් -19) හේතුවෙන් රට තුළ ඇතිවී තිබෙන තත්ත්වය සලකා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ පුහුණු මධ්‍යස්ථාන වල පුහුණු පාඨමාලාවන් හදාරනු ලබන පුහුණුලාභීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් 2020.03.13 වන දින සිට 2020.03.31 දක්වා සියළු පුහුණු පාඨමාලාවන් සඳහා තාවකාලිකව නිවාඩු දීමට තීරණය කර තිබෙනවා.

කොරෝනා වෛරසය හේතුවෙන් ජනතාව ඒකරාශී වීම වැලැක්වීම සහ සංචරණය වීම අවම කිරීම හේතුකොට ගෙන කාර්යාංශ පුහුණු මධ්‍යස්ථානවල සියළුම පුහුණු පාඨමාලාවන් මේ අනුව තාවකාලිකව අත්හිටුවන අතර නේවාසිකව රැදී සිටින සියළුම පුහුණුලාභීන්ට තම නිවෙස් වලට යාම සදහා අවශ්‍ය පියවර ගන්නා ලෙසද කාර්යාංශය දැනුම් දුන්නා.


News Articles
Latest Videos
Most Popular Post