කොරෝනා වෛරසය ශ්‍රී ලංකාව තුළ පැතිරීම වැළැක්වීම සඳහා රාජ්‍ය ඖෂධ සංස්ථාවට මෙන්ම වෛද්‍ය සැපයීම් අංශයට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන කඩිනමින් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
ඒ, විෂය භාර අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති සාකච්ඡාවකදීයි.
හදිසි මිලදී ගැනීම් සඳහා අවශ්‍ය අවසරය ලබාදීමට ද එහිදී තීරණය කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළා.
ඒ අනුව ඉදිරි දින දෙක තුළ එම මිලදී ගැනීම් සිදුකර අවශ්‍යතාවය අනුව ඖෂධ, ආරක්ෂිත මෙවලම් සහ වෛද්‍ය උපකරණ රෝහල් වෙත බෙදා හැරීමට කටයුතු කරන ලෙස අමාත්‍යවරිය අදාළ සාකච්ඡාවේදී උපදෙස් ලබාදී තිබෙනවා.