නව කොරෝනා වසංගත තත්ත්වය පහවයන තෙක් චතාරික සමයේ බැතිමතුන් විශාල වශයෙන් ඒකරාශීවන වැඩසටහන් අවලංගු කරන ලෙස කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මෙරට සියලුම කතෝලික පූජකවරුන් සහ බැතිමතුන්ගෙන් ඉල්ලීමක් කරනවා.
පවතින තත්ත්වය හමුවේ බැතිමතුන් විශාල වශයෙන් එක්රැස්වන සිද්ධස්ථාන වසා තැබීම වඩාත් යෝග්‍යය බවයි උන්වහන්සේ පෙන්වා දෙන්නේ.
අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මෙම අදහස් පළ කළා.
පවතින ව්‍යසනකාරී තත්වය හමුවේ ආත්මාර්ථකාමී ක්‍රියා වල නිරතවීමෙන් වළකින ලෙස අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියා.