News Line| Off Air
Generic placeholder image

Mar
16

රියදුරු බලපත්‍ර ආශ්‍රිත සේවා තාවකාලිකව අත්හිටුවයි

633 Views


රියදුරු බලපත්‍ර ආශ්‍රිත සේවා තාවකාලිකව අත්හිටුවයි

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හැකි තරම් අවම කිරීමට රජයේ ආයතන සියල්ලකම මූලික වගකීම වන බව ප්‍රවාහන කළමනාකරණ සේවා අමාත්‍යාංශය හා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව එක්ව තීරණය කර තිබෙනවා.

හෙට(17) සිට 2020 මාර්තු 31 දක්වා කාලය තුළ වේරහැර රියදුරු බලපත් ප්‍රධාන කාර්යාලයේ හෝ අනිකුත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු දිස්ත්‍රික් කාර්යාලවල රියදුරු බලපත්‍ර ආශ්‍රිත සේවා ක්‍රියාත්මක නොවන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සදහන් කළා.

ඒ අනුව, මෙම කාලසීමාව තුළ වේරහැර හා අනිකුත් දිස්ත්‍රික් කාර්යාලවලට පැමිණීමෙන් වලකින ලෙස මහජනතාවගෙන් ඉල්ලීමක් කරනු ලබනවා.


News Articles
Latest Videos
Most Popular Post