ඉදිරි මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පොළොන්නරු දිස්ත්‍රික් කණ්ඩායම් නායකයා ලෙස හිටපු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ඊයේ නාමයෝජනා පත්‍රයට අත්සන් තැබුවා.
පොළොන්නරු දිස්ත්‍රික් කණ්ඩායම් නායකයා ලෙස රොෂාන් රණසිංහ මහතා පත්කළ යුතු බවට එම පක්ෂයේ දිස්ත්‍රික් බල මණ්ඩලය පසුගියදා රැස්වී යෝජනාවක් ද සම්මත කර ගත් අතර ඉදිරි මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් කණ්ඩායම් නායකයින් පසුගියදා නාමයෝජනා පත්‍රවලට අත්සන් තැබුවද පොළොන්නරු දිස්ත්‍රික් කණ්ඩායම් නායකයෙකු ලෙස කිසිවකු ඊට අත්සන් තැබුවා.
ඊට හේතුවී තිබුණේ පොළොන්නරු දිස්ත්‍රික්කයේ කණ්ඩායම් නායකත්වය සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අතර පැවති මතභේදාත්මක තත්වයයි. දිස්ත්‍රික් කණ්ඩායම් නායකයා ලෙස රොෂාන් රණසිංහ මහතා පත්කළ යුතු බවට එම පක්ෂයේ දිස්ත්‍රික් බල මණ්ඩලය විසින් පසුගියදා යෝජනාවක් ද සම්මත කර ගැනුණා.