පිලිපීනය, මිලියන 12 ක ජනගහනයක් දිවිගෙවන මැනිලා අගනුවර මුද්‍රා තැබීමට පියවර ගත් අතර මේ අනුව කිසිවකුට මැනිලා නුවරට ඇතුළු වීමට හෝ ඉන් පිටවීමට හැකියාවක් නොමැත.
එමෙන්ම ඕස්ට්‍රේලියාව එරටට ඇතුළු වන සියලුම විදේශිකයන් දින 14 ක කාලයක් නිරෝධායනය කිරීම අනිවාර්ය කර තිබෙනවා. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කෙරෙන එම නව නීතියට අනුව විදේශ යාත්‍රා ඕස්ට්‍රේලියාවට ඇතුළුවීම ද දින 30 ක කාලයකට තහනම් වනු ඇති.
නවසීලන්තය ද මීට පෙර එවැනිම නීති ක්‍රියාත්මක කළ අතර කොරෝනා මර්දන කැබිනෙට්ටුව යනුවෙන් නම් කළ නව කැබිනට් මණ්ඩල හමුවේදී ඕස්ට්‍රේලියානු අගමැතිවරයා එම තීරණ ප්‍රකාශයට පත්කලා.
මේ අතර ඉතාලියෙන් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 1441 ක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර එරටින් වාර්තාවන ආසාදිතයන් සංඛ්‍යාව 21157 කි. මේ අතර කොරෝනා වෛරසය මෙම වසර පුරා පැවතිය හැකි බවට මෙක්සිකෝව අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා. ජපානයේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1484 ක් දක්වා ඉහළ ගොස් ඇත්තේ මරණ 29 ක් වාර්තාවන පසුබිමකදීයි.
ඉන්දියාව කොරෝනා වෛරසය විනාශකාරී තත්ත්වයක් ලෙස ප්‍රකාශයට පත් කළේ, එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 84 ක් දක්වා ඉහළ ගොස් ඇති පසුබිමකදීයී. දිල්ලියේ ප්‍රථම කොරෝනා ආසාදිතයා සම්පූර්ණයෙන් සුවය ලබා තිබෙනවා.