News Line| Off Air
Generic placeholder image

Mar
17

Update – දිවයිනේ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 34 දක්වා ඉහළට

3044 Views


Update – දිවයිනේ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 34 දක්වා ඉහළට

දිවයින පුරා මේ වන විට කොරෝනා වෛරසය ආසාධිතයින් 34 ක් වාර්තා වන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය තහවුරු කළා.

ඒ අනුව අද දිනයේදී කොරෝනා වෛරසයට ගොදුරු පුද්ගලයින් 06 දෙනෙක් හමුවූ බවයි අමාත්‍යවරිය සඳහන් කර සිටියේ.

මේ අනුව අද දින හදුනාගත් කොවිඩ් 19 ආසාදනය වූ පුද්ගලයන් 6 දෙනා පිලිබද විස්තර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පැවසුවා.

01 පළමුව හඳුනාගත් සංචාරක මඟපෙන්වන්නාගේ බිරිඳ.

02 ජර්මනියේ සංචාරය කළ පුද්ගලයාට සම්බන්ධ වූවෙක්.

03 එංගලන්තයේ සිට පැමිණි පුද්ගලයෙක්.

04 කැළණිය ප්‍රදේශයේ පුද්ගලයෙක්.

05 මාරවිල ප්‍රදේශයේ පුද්ගයෙක්.

06 කටාර් රාජ්‍යයේ සිට පැමිණි අවුරුදු 25ක උඩුගම්පොල පදිංචි පුද්ගලයෙක්.

මෙසේ කොවිඩ් 19 ආසාදිත වූ පුද්ගයන් වනවා.


News Articles
Latest Videos
Most Popular Post