ශ්‍රී ලංකාව තුල ව්‍යප්ත වන කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය පාලනය කිරීම සැලකිල්ලට ගනිමින් දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුතුව සහ පාර්සල් භාර ගැනීමට අදාල සියලු මුදල් පරිහරණ කටයුතු වලින් අද දිනයේ සිට ඉවත් වීමට දුම්රිය ස්ථානාධිපතිවරුන් තීරණය කර තිබෙනවා ඒ අනුව අද දහවල් 12.00 සිට එම කටයුතුවලින් ඉවත්වීමට තීරණය කර තිබෙන්නේ.
එමෙන්ම සියළු දුම්රිය ධාවනය සඳහා දුම්රිය ස්ථානාධිපතිවරුන් සේවයේ යෙදවීමට කටයුතු කරන අතර දුම්රිය ස්ථාන වසා දැමීමක් සිදු නොවන බව දුම්රිය ස්ථානාධිපති සංගමය ප්‍රකාශ කළා.