මාරාන්තික වසංගතයක් බවට පත්ව තිබෙන චීනයේ හුබේ පළාතෙන් ආරම්භ වූ මේ කොරෝන වෛරසය හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට ලොව පුරා මිය ගිය ගණන 6500 ඉක්මවා තිබෙනවා.
මෙම වෛරසය මැඩලීමට ලොව බොහෝ රටවල් මේ වන විටත් ඒ සදහා බෙහෙතක් නිපදවීමට උත්සුක වෙනවා. මේ අතර අමෙරිකාව විසින්ද කොරෝනා මර්දනයට එන්නතක් නිපදවා තිබෙන බව වාර්තා වෙනවා. විශේෂයෙන්ම මෙම එන්නත මගින් සිය ප්‍රථම මනුෂ්‍ය අත්හදා බැලීම සිදු කර තිබෙනවා. කෙසේ වෙතත් මේ එන්නතේ සාර්ථකත්වය දැන ගැනීමට තවත් මාස කිහිපයක් ගත වෙනු ඇති බවයි පරීක්ෂකයින් පවසන්නේ.