කොවිඩ් 19 ආසාදනය කෙල බිඳිති මගින් පැතිර යන ආසාදනයක් බැගින් මහජන සුභ සිද්ධිය සඳහා දන්ත ශල්‍යාගාර වල සිදුකරන ප්‍රතිකාර සීමා කිරිමට සිදුව ඇති බව ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමය සඳහන් කරනවා.
ඒ අනුව වේදනාව, ඉදිමීම, සැරව ගෙඩි ආදිය සහිතව පැමිණෙණ රෝගීන් හා හදිසි අනතුරුවලින් දත් කැඩී යෑම, හකු අස්ථි බිඳීම් ආදිය සමග පැමිණෙන රෝගීන් සඳහා හදිසි ප්‍රතිකාර හා අවශ්‍ය ශල්‍යකර්ම ආදිය සාමාන්‍ය පරදි සිදුකරන බව එම සංගමය ප්‍රකාශ කළා.
එමෙන්ම දත් පිරවීම්,සුද්ද කිරීම්, දත් ඇඳි දැමීම, ස්නායු පිරවීම, විකලාංග දන්ත ප්‍රතිකාර, ජංගම දන්ත වෛද්‍ය සේවා, කුඩා ළමුන්ගේ ෆ්ලොරයිඩ් ප්‍රතිකාර ආදි හදිසි නොවන ප්‍රතිකාර කොවිඩ් 19 ආසාදන තත්ත්වය පහව යනතුරු සීමා කරන බවද එම සංගමය සඳහන් කළා.