News Line| Off Air
Generic placeholder image

Mar
18

නිවසේ සිට නිරෝධායනය වීම ගැන ඔබ දන්නවා ද?

1599 Views


නිවසේ සිට නිරෝධායනය වීම ගැන ඔබ දන්නවා ද?

රට තුළ පැතිර යන කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා නිවසේ සිටම ස්වයං නිරෝධායනයේ යෙදෙන ලෙස සෞඛ්‍ය අංශ මහජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

නිවසේ සිට නිරෝධායනය වීම යනු කුමක්ද?

එහිදී අනුගමනය කළ යුතු ප්‍රධාන කරුණු 10ක් තිබේ. එනම්

01. නිරෝධායනයට ලක්වන පුද්ගලයා හොඳ වාතාශ්‍රයක් සහිත වෙනම කාමරයක පවුලේ සෙසු සමාජිකයන්ගෙන් වෙන්ව සිටීම.

02. පවුලේ ඕනෑම සාමාජිකයෙකු සමග ගනුදෙනු කිරීමේදී අවම මට්ටමින් මීටරයක පරතරයක් පවත්වා ගැනීම.

03. නිතරම සබන් යොදා තත්පර 20ක් පමණ දෑත් සේදීම.

04. පිරිසිදු නොකළ දෑතින් ඇස්,නාසය සහ මුඛය ස්පර්ශ නොකිරීම.

05. නිරෝධායනයට ලක්වන පුද්ගලයා සඳහා පිගන්, කෝප්ප, ඇඳ ඇතිරිලි වෙන් කර භාවිත කිරීම සහ ඒවා සබන් යොදා නිසි ලෙස සෝදා පිරිසිදු කර ගැනීම.

06. නිවසේදීම දිනකට දෙවරක් ශරීර උෂ්ණත්වය පරීක්ෂා කර බැලීම.

07. නිරෝධායනයට ලක්ව සිටින දින 14 තුළ උණ කැස්ස සහ ශ්වසන අපහසුතා වැනි රෝග ලකෂණ ඇතිවුවහොත් වහාම ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා දැනුම්වත් කිරීම.

08. නිරෝධායනයට ලක්වන පුද්ගලයා වෙනුවෙන් වෙනම වැසිකිළි පහසුකම් සැපයීමට නොහැකි නම් පවුලේ සෙසු සාමාජිකයන් වැසිකිළිය භාවිතයට පෙර දොර අගුලු , ජල කරාම ආදිය සබන් යොදා පිරිසිදු කර ගැනීම.

09. නිරෝධායනයට ලක්වන පුද්ගලයා හැකි තරම් අමුත්තන් හමුවීමෙන් වැළකීම.

10. නිරෝධායනයට ලක්වන පුද්ගලයා භාවිත කරන මුහුණු ආවරණ, අත්වැසුම් ආදිය නිසි පරිදි ආවරණ කරන ලද බඳුන්වලට බැහැර කිරීම යන කරුණුයි.

මෙම උපදෙස් නිසි ලෙස අනුගමනය කරන්නේ නම් ඔබට ඔබවත්,අන් අයවත් නිසැකවම ආරක්ෂා කර ගත හැකිවනු ඇති.


News Articles
Latest Videos
Most Popular Post