News Line| Off Air
Generic placeholder image

Mar
18

තවත් නිරෝධායන මධ්‍යස්ථානයක් බූස්ස නාවික හමුදා කදවුරේ ස්ථාපිත කෙරේ

1452 Views


තවත් නිරෝධායන මධ්‍යස්ථානයක් බූස්ස නාවික හමුදා කදවුරේ ස්ථාපිත කෙරේ

මාරාන්තික නව කෙරෝනා හෙවත් කොවිඩ් – 19 වෛරසය ලොව පූරා පැතීරයාම හේතුවෙන් දිවයිනට පැමිණෙන පුද්ගලයින් නිරෝධායනය කිරීම සඳහා බූස්ස නාවික හමුදා කඳවුරේ නිරෝධායන මධ්‍යස්ථානයක් ස්ථාපිත කර තිබෙනවා.

නව කෙරෝනා වෛරසය රට තුළ ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන ඒකාබද්ධ යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සඳහා, බූස්ස නාවික හමුදා කඳවුරේ මහල් හතරකින් (04) යුත් ගොඩනැඟිල්ලක් නිරෝධායන කටයුතු සඳහා මෙසේ සූදානම් කර තිබෙන අතර මේ සඳහා නාවික හමුදා පුද්ගලයින් වෙත අවශ්‍ය උපදෙස් හා පුහුණුවීම් ලබා දීම කරාපිටිය ශික්‍ෂණ රෝහලේ වෛද්‍ය කාර්ය්‍ය මණ්ඩලයක් විසින් සිදු කර තිබෙනවා.

මෙම නිරෝධායන මධ්‍යස්ථානය තුළ පුද්ගලයින් 136 දෙනෙකු හට නිරෝධායන කටයුතු සිදු කිරීමට අවශ්‍ය පහසුකම් ඇත. නිරෝධායන මධ්‍යස්ථානය වෙත පැමිණෙන පුද්ගලයින් හට අවශ්‍ය සනීපාරක්‍ෂක ද්‍රව්‍ය, වයිෆයි පහසුකම්, රූපවාහිනී, විදුලි පංකා, රෙදි සෝදන යන්ත්‍ර ආදී සියලු පහසුකම් ලබා දීමට නාවික හමුදාව කටයුතු සූදානම් කර ඇත.

නාවික හමුදා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්‍ෂණය යටතේ නාවික හමුදා සූපවේදීන් විසින් පිසින ලද පෝෂ්‍යදායි ආහාර නිරෝධායන මධ්‍යස්ථාන වෙත පැමිණෙන්නන් හට ලබා දීමටද අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post