2020 මහමැතිවරණයට නාමයෝජනා භාරදීම සඳහා නම්කර ඇති අවසන් දිනය හෙටයි(19).
අදත් දේශපාලන පක්ෂ නියෝජිතයින් දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා නාමයෝජනා පත්‍ර භාර දී තිබෙනවා.
ජාතික ජනබලවේගය ගාල්ල දිස්ත්‍රික්කය සඳහා වන නාමයෝජනා පත්‍රය භාරදීම සඳහා අද පෙරවරුවේ ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත පැමිණි අතර පොළොන්නරුව දිස්ත්‍රික්කය සඳහාද ජාතික ජනබලවේගය අද පෙරවරුවේ නාමයෝජනා පත්‍ර භාරදෙනු ලැබුවා.
ජාතික ජනබලවේගය ගම්පහ දිස්ත්‍රික්කය සදහා තරඟවදින නාමයෝජනා ලැයිස්තුවද අද පෙරවරුවේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පැමිණ බාර දුන් අතර මාතර දිස්ත්‍රික්කය සඳහාද ජාතික ජනබලවේගය අද නාමයෝජනා භාරදෙනු ලැබුවා.
කළුතර දිස්ත්‍රික්කය සඳහා ජාතික ජනබලවේගයේ නාමයෝජනා භාරදීමද අද සිදු කෙරුණා.
හම්බන්තොට දිස්ත්‍රික්කය සඳහාද ජාතික ජනබලවේගය අද නාමයෝජනා බාර දුන්නා.
ජාතික ජලබලවේගය බදුල්ල දිස්ත්‍රික්කය සඳහාද අද පෙරවරුවේ නාමයෝජනා බාර දෙනු ලැබූ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද අද මාතර දිස්ත්‍රික්කය සදහා නාමයෝජනා බාර දුන් බව සදහන්.