සමගි ජන බලවේගයේ නායක හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද(18) සමගි ජන බලවේග කාර්යාලයේදී සිය නාමයෝජනා පත්‍රයට අත්සන් තැබුවා.
ඒ කොළඹ දිස්ත්‍රීක් කණ්ඩායම් නායක ලෙසයි.
මේ අතර රට තුළ උද්ගත වී ඇති තත්ත්වය හමුවේ ඉදිරි මැතිවරණයට අදාල එක්සත් ජාතික පක්ෂ නාමයෝජනා පත්‍ර මැතිවරණ කොමිසම වෙත ලබා දෙන්නේද, නැද්ද යන්න පිළිබඳ අවසන් තීරණය අද රාත්‍රියේ දී ගැනීමට බලාපොරොත්තු වන බව එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා පවසනවා.
සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ, නාමයෝජනා ලබා දුන්නත් ඉල්ලනවා ද නැද්ද යන්න පිළිබඳ සිතා බැලිය යුතු බවයි.