News Line| Off Air
Generic placeholder image

Mar
19

කොරෝනා වෛරසයට ලොව පුරා රටවල් 170ක් ගොදුරු වෙයි

767 Views


කොරෝනා වෛරසයට ලොව පුරා රටවල් 170ක් ගොදුරු වෙයි

චීනයේ වූහාන් නගරයෙන් පළමුවරට වාර්තා වුණු නව කොරෝනා වෛරස ආසාදනය අදවන විට ලෝකයේ රටවල් සහ කලාප 170කට ආසන්න ප්‍ර දේශයක් තුළ ව්‍යාප්තව පවතින අතර වෛරසයේ වැඩිම බලපෑම චීනයට එල්ල වූ අතර ඒ හේතුවෙන් රටේ මියගිය පිරිස 3,237ක් බවට වාර්තා වූ අතර ආසාදිතයන් ගණන 81,151 ක් ලෙසින් සටහන් වුණා.

කෙසේ නමුත් අද වනවිට වෛරස ව්‍යාප්තියේ වැඩිම ඵලවිපාක අත්විදිමින් සිටින්නේ යුරෝපානු කලාපයයි. ඒ චීනයෙන් පසුව වැඩිම මරණ සහ ආසාදිතයින් ගණන එම කලාපයෙන් වාර්තාවීමත් සමගින්.

ආසාදිතයින් 35,713ක් වාර්තාවුණු ඉතාලියෙන් ඊයේ (18) දිනයේදී පමණක් සිදුවූ මරණ ගණන 475ක්. මෙය සටහන් වුණේ ලෝකයේ ඕනෑම රටක, දිනක් ඇතුළත සිදුවූ වැඩිම නව කොරෝනා මරණ ගණන ලෙසයි.

එම මරණවලින් 319ක්ම වාර්තාවූයේ ලොම්බාඩි කලාපයෙන්. මේ අනුව අද (19) වනවිට ඉතාලියේ සිදුව ඇති මරණ ගණන 2,978 ලෙසින් දැක්වෙන අතර
නව කොරෝනා වෛරසය හේතුවෙන් ස්පාඤ්ඤයෙන් මරණ 598ක් වාර්තාවුණේ ආසාදිතයින් ගණන 13, 716ක් බවට ඉහළ ගිය පසුබිමකයි.

මේ අතර ප්‍රංශයෙන්ද ආසාදිතයින් 7 730ක් වාර්තා වී ඇති අතර මියගිය පිරිස 175ක් ලෙසින් දැක් විය. මියගිය පිරිසෙන් සියයට 93ක පිරිසක්ම වයස අවුරුදු 65ට වැඩි වයස්ගත පුද්ගලයින් වීම විශේෂත්වයක්.

බ්‍රිතාන්‍ය යෙන්ද සමස්ත මරණ 104ක් වාර්තා වී ඇත්තේ, ඊයේ වාර්තාවූ නව මරණ 33ත් සමගින්. ඊට කඩිනම් ප්‍රතිචාර දැක්වූ බ්‍රිතාන්‍ය රජය, සිකුරාදා දිනයේ පටන් ක්‍රියාත්මක වන පරිදි සියලු පාසල් වසාදැමීමට පියවර ගෙන තිබේ.

මේ අතර අමෙරිකානු සහ කැනේඩියානු දේශසීමා වසාදැමීමට දෙරටම එකගවී තිබෙන අතර ඒ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ කැනඩා අගමැති ජස්ටින් ටෘඩෝ අතර ඇතිකරගත් එකගතාවකින් අනතුරුවයි.


News Articles
Latest Videos
Most Popular Post