News Line| Off Air
Generic placeholder image

Mar
19

කොරෝනා පරීක්ෂණ ප්‍රතිඵල පැය භාගයකින් ලබාදීමට නව ක්‍රමවේදයක්

596 Views


කොරෝනා පරීක්ෂණ ප්‍රතිඵල පැය භාගයකින් ලබාදීමට නව ක්‍රමවේදයක්

කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්දැයි පැය භාගයක් වැනි කෙටි කාලයක් තුළ පරීක්ෂා කෙරෙන තාක්ෂණයක් ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් පිරිසක් විසින් එළිදක්වා තිබෙනවා.

මෙම නව පරීක්ෂණය පැය භාගයක් වැනි කෙටි කාලයක් ගත වන අතර, එය වර්තමාන ක්‍රමයට වඩා වේගවත් ක්‍රමවේදයක් බව එම විද්‍යාඥයෝ පවසති. එමෙන්ම චීනයේ ෂෙන්සෙන් ලූහෝ මහජන රෝහලේ සැබෑ සායනික සාම්පල සමග මෙම පරීක්ෂණය වලංගු වූ බවද ඔවුහු පෙන්වා දෙනවා.

චීනයේ උසස් පර්යේෂණ සඳහා ඔක්ස්ෆර්ඩ් සුෂෝ මධ්‍යස්ථානය විසින් මෙම පර්යේෂණය ආරම්භ කර ඇති අතර, ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු විද්‍යා දෙපාර්තමේන්තුවේ අත්හදා බැලීම් සිදුකර තිබෙනවා. ඒ අනුව සායනික, ගුවන්තොටුපල සහ නිවසේදීත් මෙම පරීක්ෂාව කළ හැකි ඒකාබද්ධ උපාංගයක් සංවර්ධනය කිරීමට විද්‍යාඥයෝ කටයුතු කරමින් සිටිනවා.

කෙසේ වෙතත් මෙම තාක්ෂණය එක්සත් රාජධානියේ වලංගු කිරීම් ක්‍රියාත්මක කිරීමට සහ පරීක්ෂණ කට්ටල නිෂ්පාදනය කරන්නේ කෙසේදැයි ගවේෂණය කිරීමට විද්‍යාඥයෝ වැඩිදුරටත් සැලසුම් කරමින් සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post