News Line| Off Air
Generic placeholder image

Mar
19

කොරෝනා වෛරසයට ලොව පුරා මිය ගිය ගණන 8,969ක් දක්වා ඉහලට

495 Views


කොරෝනා වෛරසයට ලොව පුරා මිය ගිය ගණන 8,969ක් දක්වා ඉහලට

නව කොරෝනා ගෝලීය වසංගත තත්ත්වයෙන් මියගිය පිරිස 8,969ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ ලෝකය පුරා ආසාදිතයන් දෙලක්ෂ විසිදහසකට ආසන්න පිරිසක් හඳුනා ගෙන ඇති පසුබිමකයි. මේ අතර එක් දිනක් තුළ සිදුවූ වැඩිම මරණ සංඛ්‍යාව ඊයේ ඉතාලියෙන් වාර්තා වූණා.

චීනයේ වූහාන් නගරයෙන් පළමුවරට වාර්තා වුණු නව කොරෝනා වෛරස ආසාදනය අද වන විට ලෝකයේ රටවල් සහ කලාප 170කට ආසන්න ප්‍රදේශයක් තුළ ව්‍යාප්තව පවතින අතර වෛරසයේ වැඩිම බලපෑම චීනයට එල්ල වූ අතර ඒ හේතුවෙන් රටේ මියගිය පිරිස 3,237ක්.

කෙසේ නමුත් අදවනවිට වෛරස ව්‍යාප්තියේ වැඩිම ඵලවිපාක අත්විදිමින් සිටින්නේ යුරෝපානු කලාපයයි. ඒ චීනයෙන් පසුව වැඩිම මරණ සහ ආසාදිතයින් ගණන එම කලාපයෙන් වාර්තාවීමත් සමඟින්.

ආසාදිතයින් 35,713ක් වාර්තාවුණු ඉතාලියෙන් ඊයේ දිනයේදී පමණක් සිදුවූ මරණ ගණන 475ක්. මෙය සටහන් වුණේ ලෝකයේ ඕනෑම රටක, දිනක් ඇතුළත සිදුවූ වැඩිම නව කොරෝනා මරණ ගණන ලෙසයි.

එම මරණවලින් 319ක්ම වාර්තාවූයේ ලොම්බාඩි කලාපයෙන්. මේ අනුව අද වනවිට ඉතාලියේ සිදුව ඇති මරණ ගණන 2,978 ලෙසින් දැක්වෙයි.


News Articles
Latest Videos
Most Popular Post