නව කොරෝනා වෛරසය හේතුවෙන් ලොවපුරා මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 9000 ඉක්මවූ බව අමෙරිකාවේ ජෝන් හොප්කින්ස් වෛද්‍ය විද්‍යාතනය සඳහන් කරනවා.
ඒ අනුව කොරෝනා වෛරසය හේතුවෙන් ලොව පුරා සිදුව ඇති මරණ සංඛ්‍යාව 9,115ක් වන අතර වාර්තා වන රෝගීන් සංඛ්‍යාව 222,643ක්.
ගතවූ පැය 24 තුලදී වාර්තා වන මරණ සංඛ්‍යාව 1108ක් වන අතර වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව 21,000 කට අධිකයි.
කොරෝනා වෛරසය හේතුවෙන් චීනයේ පුද්ගලයින් 3,130ක්, ඉතාලියෙන් 2,978ක්, ඉරානයෙන් 1,284ක් සහ ස්පාඤ්ඤයෙන් 640 ක් මේ වන විට ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
මේ අතර ගතවූ පැය 24 තුලදී අමෙරිකාවෙන් කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් 2760ක් වාර්තා වී තිබෙනවා. මේ වන විට අමෙරිකාවේ සිටින මුළු කොරෝනා රෝගීන් ගණන 8,898ක් වන අතර මුළු මරණ සංඛ්‍යාව 149ක්.
එමෙන්ම කොරෝනා වෛරසය හේතුවෙන් ජපන් අධිරාජ්‍යයා විසින් පෙර සැලසුම් කර තිබු බ්‍රිතාන්‍ය සංචාරය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කළා.