ඊයේ දිනයේ පුත්තලම ඇතුළු ප‍්‍රදේශ කිහිපයකට ඇදිරි නීතිය කි‍්‍රයාත්මක කළ අතර එහිදී මහජනතාව පාරට නොපැමිණියද නිවෙස් කිහිපයක අය එක නිවෙසකට පැමිණ සාද පවත්වන බව එම ප‍්‍රදේශ වල පොලිස් ස්ථානාධිපතිවරුන්ගෙන් දැනගත් බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේ.
ඇදිරි නීතිය කි‍්‍රයාත්මක වන්නේ කොරෝනා වෛරසය වැළැක්වීමේ අරමුණෙන් වන අතර එහිදී මිනිසුන් එක්ව කටයුතු කිරීමට නොව හුදෙකලා වීමට අවශ්‍ය බව ඒ මහතා පැවසුවා.
එබැවින් එවැනි කි‍්‍රයා වල නිරත නොවී තම පවුලේ සාමාජිකයින් පමණක් නිවෙස් තුළ සිටීමට කටයුතු කළ යුතු බව කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීමේ මෙහෙයුම් මධ්‍යස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් නියෝජ්‍ය පොලිස්පතිවරයා සදහන් කළා.