චීනයේ හුබේ පළාතේ වුහාන් නගරයේ ආරම්භ වූ මාරාන්තික කොරෝනා වෛරසය මේ වන විට එම නගරය සහ චීනය තුල මැඩපැවැත්වීමට හැකිව තිබෙනවා. ඒ එම වෛරසය හා සටන් වැදී රෝගීන් හට සුව කිරීමට වෙහෙස දැරූ වෛදයවරුන් හේතුවෙන්.
ලොව රටවල් හමුවේ ඇති මෙම වෛරසය චීනය මේ වන විට සාර්ථකව මර්දනය කර ඇති බව දක්නට ලැබෙන කරුණක්. ලොව කවර හෝ රටක් මෙම වෛරසයට මුහුණ දී එය මැඩපැවැත්වීම ලොව සියලු දෙනා අපේක්ෂා කරන කාරණයක්.
ඒ අනුව මේ වන විට චීනයේ වුහාන් නගරයේ මෙම වෛරසය මැඩපැවැත්වීම සදහා ක්‍රියා කල වෛද්‍යවරුන් එම නගරයෙන් නික්ම ගියේ එරට පොලිසියේ ආචාරය මධ්‍යයේය.