News Line| Off Air
Generic placeholder image

Mar
20

යළි ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන වේලාව ඉරිදට

1316 Views


යළි ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන වේලාව ඉරිදට

කොරෝනා වෛරසය මර්දනයේ තවත් පියවරක් ලෙස විනෝද චාරිකා, වන්දනා ගමන් සහ සංචාරක ගමන් වහාම තහනම් කිරීමට රජය තීරණය කර තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.

උද්ගතව ඇති තත්ත්වය හමුවේ ජන ජීවිතය සුරක්ෂිත කරනු පිණිස මෙම තීරණය ගෙන තිබේ.

ජනතාව ගැවසෙන ස්ථානවල දී මීටරයකින් පමණ පුද්ගල දුරස්ථතාවය පවත්වා ගැනීමට ලබා දී ඇති උපදෙස් අනිවාර්යෙන් පිළිපදින ලෙස ද රජය ඉල්ලා සිටියි.

බස් රථ සහ දුම්රිය සේවා ක්‍රියාත්මක අවස්ථාවල දී මේ පිළිවෙත අනුගමනය කරන ලෙස ඉල්ලා සිටියි.

සමාජ දුරස්ථතාවය පවත්වාගනු සඳහා බස් රථයෙන් සහ දුම්රියෙන් මගීන් ගෙන යා හැක්කේ එහි ගමන් කළ හැකි බවට නිශ්චය කර ඇති සංඛ්‍යාවෙන් හරි අඩක් පමණි.

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා වෙනත් භාණ්ඩ සතොස හා සමූපකාර ඇතුළු වෙළෙඳසැල් වෙත ප්‍රමාණවත් පරිදි රජය නිකුත් කර තිබේ.

ජනතාව අපහසුතාවයට පත් නොවන ආකාරයෙන් ඒවා බෙදාහැරීමට ද එම වෙළෙඳසැල් වෙත උපදෙස් ලබා දී ඇත.

ලබන සඳුදා (23) පෙ.ව 6.00 ට ඇඳිරි නීතිය අවසන් වීමෙන් පසු නැවත එය ක්‍රියාත්මක වන වේලාව 22 ඉරිදා ජනතාවට නිවේදනය කිරීමට නියමිතය.


News Articles
Latest Videos
Most Popular Post