News Line| Off Air
Generic placeholder image

Mar
20

කොරෝනා වෛරසයෙන් මිය ගිය ගණන 10000 ඉක්මවයි

1364 Views


කොරෝනා වෛරසයෙන් මිය ගිය ගණන 10000 ඉක්මවයි

කොවිඩ් නයින්ටීන් ආසාදනයවිමෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 10000 ඉක්මවා තිබෙනවා. වීදෙස් මාධ්‍ය වාර්තා කළේ පුද්ගලයින් 10041 දෙනෙකු මේ වන විට මියගොස් ඇති බවයි.

මේ වන විට ලොව පුරා පුද්ගලයින් දෙලක්ෂ 44,950 දෙනෙකුට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති අතර පුද්ගලයින් 87,408 දෙනෙකු සුව වී තිබෙනවා. ඊයේ(19) දිනය තුළ ද වැඩිම මරණ සංඛ්යාතවක් ඉතාලියෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 475ක්.

ඒ අනුව මේ වන විට කොරෝනා වෛරසය හේතුවෙන් වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වූ රට ලෙස ඉතාලිය පත්ව තිබෙන අතර චීනය තුළ මරණ 3245ක් වාර්තා වන අතර ඊයේ දිනය වන විට ඉතාලියෙන් මරණ 3405ක් වාර්තා වී තිබේ.

ඉරානයේද වෛරසය හේතුවෙන් සිදු වන මරණ සංඛ්‍යාව සීඝ්‍රයෙන් වැඩිවී ඇති අතර සෑම මිනිත්තු 10කට වරක් ඉරානයෙන් එක් මරණයක් වාර්තා වන බව විදෙස් මාධ්‍ය සඳහන් කළා..


News Articles
Latest Videos
Most Popular Post