News Line| Off Air
Generic placeholder image

Mar
20

ඇඳිරි නීතිය කඩ කරන පුද්ගලයින්ට එරෙහිව දැඩි නීතිමය පියවර

981 Views


ඇඳිරි නීතිය කඩ කරන පුද්ගලයින්ට එරෙහිව  දැඩි නීතිමය පියවර

ඇඳිරි නීතිය ක්‍රියාමක වන කාලය තුළ එම නියෝග කඩකරමින් කටයුතු කරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව පොලීසිය පවසනවා. පොලිස් මූලස්ථානය පවසන්නේ ඇඳිරි නීතිය ක්‍රියාමක වන කාලය තුළ සියලුම පුද්ගලයින් සිය වාසස්ථානවල රැදී සිටිය යුතු අතර අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් අවසර හිමි වන බවයි.

අද පස්වරු 6.00 සිට ලබන 23 වැනි සඳුදා පෙරවරු 6.00 දක්වා මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පැනවීමට රජය තීරණය කල අතර අදාළ කාලය තුළ ඇඳිරි නීතිය අඛණ්ඩව ක්‍රියාත්මක වන බව නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය සඳහන් කළා.

මේ අතර අද(20) පස්වරු 6.00 සිට ඇඳිරි නීතිය පනවන බවට රජය නිවේදනය කිරීමත් සමඟ දිවයිනේ ප්‍රදේශ රැසක වෙළෙඳසැල්, ඉන්ධනහල් ආශ්‍රිතව දිගු පොලීම් දක්නට ලැබෙන බව අප වාර්තාකරුවන් පවසනවා.


News Articles
Latest Videos
Most Popular Post