News Line| Off Air
Generic placeholder image

Mar
20

කෙරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සදහා තවත් රෝහල් දෙකක්

782 Views


කෙරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සදහා  තවත් රෝහල් දෙකක්

කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර ලබා දීම සඳහා අද සිට වැලිකන්ද හා මුල්ලේරියාව රෝහල් යොදා ගැනීමට තීරණය කර තිබෙනවා.

වැඩ බලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ , මේ වන විට වැලිකන්ද මූලික රෝහලේ කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරිමට පහසුකම් සලසා ඇති බවත් අද සිට ඊට රෝගීන් ඇතුළත් කර ගන්නා බවත්ය.

ඒ අතර මුල්ලේරියාව රෝහලටද අද සිට කොරෝනා රෝගීන් ඇතුළත් කර ගන්නා බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනාරාල්වරයා වැඩි දුරටත් සදහන් කළා.
මේ වනවිට මෙරටින් වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 59 ක් වන අතර .කොරෝනා වෛරසය ආසදනයවී ඇති බවට සැකකෙරෙන රෝගීන් ගණන 240 කට ආසන්නයි.


News Articles
Latest Videos
Most Popular Post