News Line| Off Air
Generic placeholder image

Mar
21

ඇඳිරි නීතිය වෙලාවේ ආපන ශාලාවක් විවෘතව තබාගත් අයෙක් අත්අඩංගුවට

956 Views


ඇඳිරි නීතිය වෙලාවේ ආපන ශාලාවක් විවෘතව තබාගත් අයෙක් අත්අඩංගුවට

ඇඳිරි නීතිය වෙලාවේ ආපන ශාලාවක් විවෘත කළ අයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හපුත‍ලේ පොලිස් වසමේ බඳුල්ල පාර, හපුතලේ ප්‍රදේශයේ දී ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන කාලය තුළ ආපන ශාලාවක් විවෘතව තබා ගත් පුද්ගලයෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්.

ඊයේ(20) රාත්‍රී 10.10ට පමණ මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම සැකකරු වයස අවුරුදු 35 ක් වු නීව්වෘඩ් කොටස, හල්දුමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරු අද(21) බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ සම්බන්දයෙන් හපුතලේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.


News Articles
Latest Videos
Most Popular Post