News Line| Off Air
Generic placeholder image

Mar
22

( update )උතුරු පළාතේ දිස්ත්‍රික්ක 05 කට දැනට පනවා ඇති ඇදිරි නිතිය මාර්තු 24 දක්වා දිගු කෙරේ

1055 Views


( update )උතුරු පළාතේ  දිස්ත්‍රික්ක 05 කට දැනට පනවා ඇති ඇදිරි නිතිය  මාර්තු 24 දක්වා දිගු කෙරේ

ජනපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරන්නේ උතරු පළාතේ දිස්ත්‍රික්ක 05 කට දැනට පනවා ඇති ඇදිරි නිතිය මාර්තු 24 අගහරුවදා උදැසන 06.00 දක්වා දිගු කරන බවයි. ඒ අනුව මන්නාරම, වව්නියාව, මුලතිව්, කිලිනොච්චි සහ යාපනය යන උතුරු පළාතේ දිස්ත්‍රික්ක 05 තුළ දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය මාර්තු 24, අඟහරුවාදා උදේ 6.00 දක්වා දීර්ඝ කර තිබේ.

මේ දිස්ත්‍රික්කවල උදේ 6.00 ට ඉවත් කෙරෙන ඇඳිරි නීතිය දහවල් 2.00ට යළි පනවනු ලැබේ.

උතුරේ දිස්ත්‍රික්ක 05 වෙසෙන ජනතාවට තමන් අයත් දිස්ත්‍රික්කයෙන් පිටතට ගමන් කිරීම තහනම් කර ඇත.

පසුගිය දිනවල උතුරේ චාරිකා කළ ස්විට්සර්ලන්තයෙන් පැමිණි කොරෝනා වෛරසය ආසාධිත දේවගැතිවරයා හමු වූ සහ ඇසුරු කළ සියලුදෙනා හඳුනාගන්නා තෙක් මේ ගමන් තහනම ක්‍රියාත්මකව පවතී.

දිස්ත්‍රික්ක 05 වෙසෙන ජනයා කොරෝනා වෛරසයට ගොදුරුවීමෙන් ආරක්ෂා කරගනු පිණිස මේ තීරණය ගෙන ඇත.

උතුරේ ජන ජීවිතය සුරක්ෂිත කරනු පිණිස ගෙන ඇති ක්‍රියාමාර්ගය සාර්ථක කර ගැනීමට පූර්ණ සහයෝගය දෙන්නැයි රජය එහි වෙසෙන ජනතාවගෙන් ඉල්ලා සිටී.


News Articles
Latest Videos
Most Popular Post