News Line| Off Air
Generic placeholder image

Mar
22

මෙරට කොරෝනා ආසාධිතයින් 77 න් 48 ක්ම විදේශගතව සිට පැමිණි අය බව හෙළිවෙයි

830 Views


මෙරට කොරෝනා ආසාධිතයින් 77 න් 48 ක්ම විදේශගතව සිට පැමිණි අය බව හෙළිවෙයි

කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් 77 දෙනාගෙන් 48 දෙනෙකු විදේශ රටවල සිට මෙරටට පැමිණි පුද්ගලයින් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය පෙන්වා දී තිබෙනවා.

එමෙන්ම ආසාධිත රෝගීන් 27 දෙනෙකු විදේශගතව සිට පැමිණි පුද්ගලයන් සමග සමීපව ඇසුරු කළ පුද්ගලයන් බවයි එම මධ්‍යස්ථානය නිවේදනය කරන්නේ.

අනෙක් දෙදෙනාට රෝගය ආසාදනය වූ ආකාරය පිලිබදව කරුණු අධ්‍යයනය කරමින් පවතිනවා.

මෙම රෝගීන් 77 දෙනාගෙන් 69 දෙනෙකු ජාතික බෝවන රෝග විද්‍යායතනය හෙවත් අයි.ඩී.එච් රෝහලේ ප‍්‍රතිකාර ලබන බවයි එම නිවේදනයේ සදහන් වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post