News Line| Off Air
Generic placeholder image

Mar
22

ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 300කට අධික පිරිසක් පොලිස් අත්අඩංගුවට

516 Views


ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 300කට අධික පිරිසක් පොලිස් අත්අඩංගුවට

ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 300කට අධික පිරිසක් මේ වනවිට පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා. පොලීසිය පැවසුවේ ඉන් බහුතරයක් මහාමාර්ගයේ නිකරුනේ ගමන් කිරීම හේතුවෙන් අත්අඩංගුවට පත්ව ඇති බවයි.

මේ අතර නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය සඳහා රජය විසින් මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි පැනවූ ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මකයි.

මේ අතර පොලිසිය පැවසුවේ පසුගිය සිකුරාදා පස්වරු 6.00 සිට අද(22) අළුයම දක්වා කාලය තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පිරිස් 291 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ඉන් වැඩි පිරිසක් මහමාර්ගයේ නිකරුණේ ගැවසීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබේ. එමෙන්ම වාහනවලින් මාර්ගයේ ගමන් කිරීම, වෙළෙඳාම් කිරීම, ක්‍රීඩා පිටියක පිරිසක් වශයෙන් රැස්ව මත්පැන් පානය කිරීම සහ බීමත්ව මාර්ගයේ අශෝභන ලෙස හැසිරීම යන චෝදනා යටතේද අත්අඩංගුවට ගත් පිරිස් ඒ අතර සිටියි.


News Articles
Latest Videos
Most Popular Post