News Line| Off Air
Generic placeholder image

Mar
22

ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ඉල්ලීමක්

1694 Views


ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ඉල්ලීමක්

මහජනතාවට අත්‍යවශ්‍ය බැංකු සේවා සැපයීම සඳහා හෙට (23) දින පොලිස් ඇඳිරිනීතිය ඉවත් කෙරෙන ප්‍රදේශවල පිහිටි බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු ශාඛා අවම වශයෙන් පැය දෙකක් විවෘත කර තබන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව අදාළ බැංකුවලින් ඉල්ලා සිටිනවා.

කෙසේ වෙතත් හැකි සෑම විටම ගෙවීම් ඇතුළු බැංකු කටයුතු සඳහා මංගත උපකරණ (on-line instruments) භාවිත කරන ලෙසත් මුදල් ගැනීම සඳහා තදබදය අඩු ස්ථානවල පිහිටි ATM යන්ත්‍ර භාවිත කරන ලෙසත් ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාව වෙත දන්වා සිටිනවා.

එවැනි සේවා ලබා දීමේදීත්, සේවා ලබා ගැනීමේදීත් අත්‍යවශ්‍ය සෞඛාරක්ෂණ ක්‍රමවේද අනුගමනය කරන ලෙස බැංකු ආයතනවලට මෙන්ම මහජනතාවටද ශ්‍රී ලංකා මහ බැංකුව උපදෙස් දී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post