පසුගිය සිකුරාදා දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි ඇදිරි නීතිය පනවනු ලැබු අතර කොළඹ-ගම්පහ-පුත්තලම-උතුර ප්‍රදේශ වලට හැර දිවයිනේ අන් දිස්ත්‍රික්ක වලට පනවා තිබු පොලිස් ඇදිරි නිතිය අද පෙරවරු 6.00 ට ඉවත් කර තිබෙනවා. කෙසේ වෙතත් එම ප්‍රදේශ වලටද අද පස්වරු 2.00 සිට හෙට පෙරවරු 6.00 දක්වා නැවත ඇදිරි නීතිය පනවන බවයි කොරෝනා පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය වැඩි දුරටත් සදහන් කලේ.
මේ අතර කොළඹ, ගම්පහ, පුත්තලම, මන්නාරම, වව්නියාව, මුලතිව්, කිලිනොච්චිය සහ යාපනය යන දිස්ත්‍රික්කවලට ඇදිරි නීතිය හෙට උදෑසන 6.00 දක්වා බල පැවැත්වෙනවා.