News Line| Off Air
Generic placeholder image

Mar
23

බිත්තරයක් අද සිට රුපියල් 10ට – නිරෝධායන මධ්‍යස්ථානවලට නොමිලේ බිත්තර

4443 Views


බිත්තරයක්  අද සිට රුපියල් 10ට – නිරෝධායන මධ්‍යස්ථානවලට නොමිලේ බිත්තර

නිරෝධායන මධ්‍යස්ථාන වලට ආහාර සැකසීම සඳහා අවශ්‍ය තරම් බිත්තර සැපයීමට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය එකඟ වී තිබෙනවා.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එම සංගමයෙන් කළ ඉල්ලීමකට අනුව මෙම තීරණය ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී යුද හමුදා සැපයීම් අංශයට බිත්තර පනස්දාහක් සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය විසින් පරිත්‍යාග කරන ලද අතර ජනතාවගේ පහසුව සඳහා බිත්තර මිල අඩු කිරීමට සංගමය තීරණය කර ඇති බවද එම සංගමයේ සභාපතිවරයා සදහන් කලා.

ඒ අනුව අද සිට බිත්තරයක් රුපියල් දහයකට මිලදී ගැනීමේ හැකියාව ජනතාවට ලැබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post