News Line| Off Air
Generic placeholder image

Mar
23

දිස්ත්‍රික් 8ක හැර සෙසු ප්‍රදේශවල ඇදිරි නීතිය 26 වනදා තෙක් ක්‍රියාත්මකයි

1937 Views


දිස්ත්‍රික් 8ක හැර සෙසු ප්‍රදේශවල ඇදිරි නීතිය 26 වනදා තෙක් ක්‍රියාත්මකයි

දිස්ත්‍රික් 8කට හැර සෙසු ප්‍රදේශ සඳහා අද පෙරවරු 6.00 ඇදිරි නීතිය ඉවත් කර ඇති අතර අදාළ දිස්ත්‍රික්කවලට අද(23) දහවල් 2.00ට ඇඳිරි නීතිය යළි ක්‍රියාත්මක වේ.

එය 26 බ්‍රහස්පතින්දා උදේ 6.00 ට ඉවත් කෙරෙන අතර එදිනම දහවල් 12.00 ට නැවත පනවනු ලබනවා.

දිවයිනේ සියලු දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් කර තිබෙනවා.

එසේම විදේශීය සංචාරකයන් තැනින් තැනට ගෙන යාම ද සම්පූර්ණයෙන් තහනම්.

ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලය තුළ කවර දිස්ත්‍රික්කයක වුවද ගොවිතැන් වැඩ කිරීමට අවසර ඇත.

සහල් ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සහ එළවළු ප්‍රවාහනයට ඉඩ දෙනු ලැබේ.

කෘෂිකර්ම සහ වෙළෙඳ විෂය භාර අමාත්‍යවරයා මේ කාර්යයන් විධිමත්ව පාලනය කළයුතු බව රජය දැනුම් දී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post