කොරෝනා වෛරස ව්‍යාප්තිය සළකන විට කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ති‍්‍රක්ක ඉතා අවධානම් කළාප ලෙස හදුනාගෙන තිබෙනවා.
මෙම අවධානම් කළාප ලෙස හදුනාගෙන ඇති දිස්ති‍්‍රක්ක වල ඇදිරි නීතිය නැවත දැනුම් දෙන තුරු දිගටම කි‍්‍රයාත්මකයි.
දිස්ති‍්‍රක්ක 03 ක කි‍්‍රයාත්මක වූ ඇදිරි නීතිය අද උදේ ලිහිල් කළ අවස්ථාවේ භාණ්ඩ මිලදී ගැනීම සදහා ජනතාව වෙළදසැල් අසල විශාල ලෙස රැස්වී සිටීම කොරෝනා වෛරසය පාලනයට බරපතල බාධාවක් බව සෞඛ්‍ය බලධාරීන් නිරීක්‍ෂණය කර තිබෙනවා.
එබැවින් ඉදිරි කාලය තුළ අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ නිවාසවලටම ගෙන ගොස් අළෙවි කරන ලෙස තොට වෙළද ආයතනවලට රජය උපදෙස් දී තිබෙනවා. සතොස, කීල්ස්, ලාෆ්ස්, ආපිකෝ, ෆුඩ් සිටි, අරලිය, නිපුණ සහ සෙසු තොග වෙළද සමාගම් මෙම කාර්යයට හවුල් කර ගන්නා බව සදහන්.
අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ නිවෙස්වලටම ගොස් අළෙවි කිරීමේ වැඩපිළිවෙල කාර්යක්ෂමව ඉටුකරනු පිණිස බැසිල් රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් කාර්ය සාධක බලකායක් ස්ථාපිත කර තිබෙනවා. අමාත්‍යංශ ලේකම්වරු, දිසාපතිවරු, ප‍්‍රාදේශීය ලේකම්වරු සහ අදාළ වෙනත් නිළධාරීහු බලකායේ සෙසු සාමාජිකයෝ වනවා.
මෙම අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ, ඖෂධ, ගෑස් හා සෙසු සේවා බාධාවකින් තොරව සහ අඛණ්ඩවට ජනතාවට ලබාදීමේ සැලැස්ම හෙට (25) දින සිට කි‍්‍රයාත්මක කිරීමට නියමිතයි.
මේ සදහා යොදාගැනීමට නියමිත ලොරි, වෑන්, ති‍්‍රරෝද රථ, මොටර් සයිකල් ඇතුළු භාණ්ඩ බෙදාහැරිමට උපයෝගී කරගන්නා සියළු ඩිලිවරි වාහන වලට ඇදිරි නීතිය කාලය තුළ මාර්ග වල ගමන් කිරීමට අවසර ලබා දෙනු ඇති.