මාරාන්තික කොරෝනා වෛරසය මේ වන විට රටවල් 195 ක පැතිර ගොස් ඇති අතර මේ වන විට මිය ගිය ගණන 16,509 ක් වාර්තා වී තිබෙනවා.
ලොව පුරා ආසාදිතයන් ගණන 378,000 ඉක්මවන බව වාර්තා වෙනවා.
වැඩිම බලපෑමට එල්ල වී ඇත්තේ ඉතාලියයි. එරට සිදුවූ මරණ සංඛ්‍යාව 6,077ක් පසුගිය පැය 24 තුළදී එරටින් වාර්තාවූ මරණ ගණන 602 ක්. එරට සමස්ත ආසාදිතයන් ගණන 63,000 ඉක්මවයි.