News Line| Off Air
Generic placeholder image

Mar
25

ලොව පුරා කොරෝනා මරණ ගණන 18804ක් ඉහලට

535 Views


ලොව පුරා කොරෝනා මරණ ගණන  18804ක් ඉහලට

ලොව පුරා කොරෝනා වෛරස අසාධිතයින් හාරලක්ෂ 21,187 දෙනෙකු මේ වන විට හඳුනා ගෙන තිබෙනවා. වෛරසය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 18 , 804 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඊයේ(24) දිනයේ දී ද වැඩිම මරණ සංඛ්‍යාවක් ඉතාලියෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 743ක්. ස්පාඥයෙන් ද ඊයේ දිනය තුළ පමණක් මරණ 680 ක් වාර්තා වී ති‍බේ.

මේ අතර කොරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට ඉන්දියාව සම්පුර්ණයෙන්ම වසා දැමීමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මොදී කටයුතු කළේය. දින 21ක කාලයක් ඉන්දියවේ කටයුතු සම්පුර්ණයෙන්ම නතර කිරිමට තීරණය කර තිබේ.

බිලියන 1 දශම 3ක ජනගහනයකින් යුත් ඉන්දියාව ලොව දෙවනතම වැඩිම ජනගහනය සිටින රට ලෙසයි සැලකෙයි.

මේ අතර කොවිඩි නයින්ටීන් වෛරසය පැතිරයාමේ නව කේන්ද්‍රස්ථානය බවට අමෙරිකා එක්සත් ජනපදය පත් විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රකාශිකා මාග්‍රට් හැරිස් ප්‍රකාශ කර ඇත්තේ අමෙරිකා එක්සත් ජනපදය තුළ කොරොනා වෛරස් ව්‍යාප්තියේ සීඝ්‍ර වර්ධනයක් සිදුව ඇති බවයි.

මේ අතර කොරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් චීනයේ වුහාන් නගරයට පනවා තිබු සංචාරක තහනම ලබන අප්රේහල් 08 වන දින සිට ඉවත් කිරිමට තීරණය කර තිබේ.

චීනයේ හුබෙයි පළාතේ අනෙක් නගරවල ප්‍රවහන කටයුතු ඊයේ දිනයේ සිට ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.


News Articles
Latest Videos
Most Popular Post