සෞඛ්‍ය උපදෙස් අකුරටම පිලිපැදීමට ශ්‍රී ලාංකික ජනතාව පියවර නොගතහොත් නව කොරෝනා වෛරස් ව්‍යාප්තියේ විශාල වැඩි වීමක් බලාපොරොත්තු වියහැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
සමාජ දුරස්ථකරණය අසාර්ථකව සිදුකළ බටහිර රටවල දත්ත සැලකීමේදී අද (25) සිට අප්‍රේල් මස 7 වනදා දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ ආසාදිතයින් සංඛ්‍යාවේ විශාල වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කියා සිටියා.
බලධාරීන් විසින් ලබාදී ඇති සෞඛ්‍ය උපදෙස් පිළිපැදීමෙන් එම කාලය තුළ සතුටුදායක ප්‍රවණතාවයක් අපේක්ෂා කළ හැකි බවයි හරිත අලුත්ගේ මහතා පැවසුවේ.
පුරවැසියන්ගේ වගකීම් විරහිත හැසිරීම් මත සෞඛ්‍ය සේවකයින් නිරෝධායනයට ලක් කිරීමට සිදු වුවහොත් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා සෞඛ්‍ය කාර්යමණ්ඩලය ද ප්‍රමාණවත් නොවනු ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙනවා.
පවතින තත්ත්වය තුළ ජන ජීවිතය පවත්වාගෙන යාමේදී අවධානය යොමු කළ යුතු කරුණු කිහිපයක් ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළා.