කොරෝනා මර්දනයට ඔස්ට්‍රේලියාව ද නව රෙගුලාසි හඳුන්වා දී තිබෙන බව විදෙස් වාර්තා සදහන් කරනවා. ඒ අනුව එරට විවාහ උත්සව පුද්ගලයින් 5 දෙනෙකුටත්, අවමංගල්‍ය උත්සව පුද්ගලයින් 10 දෙනෙකුටත් සීමා කර ඇති බව වැඩි දුරටත් සදහන්.
කොරෝනා වෛරසය අසාදනයෙන් ඔස්ට්‍රේලියාවේ සිදුව ඇති මරණ සංඛ්‍යාව 8 කි.