News Line| Off Air
Generic placeholder image

Mar
25

ඇඳිරි නීතිය කාලය තුල ළමා අපයෝජන හා ගෘහස්ත හිංසනයන්හි වැඩිවීමක්

2475 Views


ඇඳිරි නීතිය කාලය තුල  ළමා අපයෝජන හා ගෘහස්ත හිංසනයන්හි වැඩිවීමක්

ශ්‍රී ලංකාවේ දැනට පවතීන තත්වය තුල ඇඳිරිනීතිය පැනවීමට රජය කටයුතු කර තිබෙනවා. එවන් මොහොතක එනම් ඇදිරි නිතිය පවතින කාලය තුළ ගෘහස්ථ හිංසන හා ළමා අපයෝජන සිදුවීම් වාර්තා වීම 33%කින් ඉහළ ගොස් ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සදහන් කරනවා.

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වැඩි දුරටත් සදහන් කරන්නේ මෙවැනි සිදුවීම් පිළිබඳ වහාම ක්‍රියාත්මක වන පරිදි 923 හා 1929 යන දුරකථන අංක අමතා එම තොරතුරු ලබා දෙන ලෙසයි. ළමා හිංසනය බොහෝ විට ඔවුන් දන්න හඳුනන අයගෙන්භා එනම් භාරකරුවන්, නෑදෑයින් වැනි අයගෙන් සිදුවන නිසාවෙන් ඇඳිරිනීතිය හේතුවෙන් අපයෝජකයන් හා වින්දිතයන් එකම ගෘහයක් තුළ විසීම තුලින් මෙය වර්ධනය වී ඇති බවට සදහන් වෙනවා.

ඒ අනුව විශේෂයෙන්ම දෙමව්පියන් හට සිය දරුවන් ඉතා අවදානයෙන් යුක්තව රැකබලා ගත යුතු බවත් තමන්ගේ දරුවෝ ගැන වගේම අවට දරුවෝ ගැනත් ඒ විමර්ශනය සිදු කලයුතු බවත් සදහන් පැවසෙනවා.


News Articles
Latest Videos
Most Popular Post