වීරකැටිය පොලිස් වසමේ කෙමේගල ප්‍රදේශයේ ඊයේ (24) රාත්‍රියේ සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයෙක් ඝාතනය වී තිබෙනවා. වෙඩි තැබීමෙන් තුවාල ලබා සිටින බවට වීරකැටිය පොලීසියට ලද තොරතුරක් මත වහා ක්‍රියාත්මක වු පොලීසිය එම ස්ථානයට ගොස් වෙඩි වැදී තුවාල ලබා සිටි පුද්ගලයා වහාම වීරකැටිය රෝහලට ඇතුළත් කර තිබේ.
පසුව එම රෝහලෙන් තුවාලකරු වැඩිදුර ප්‍රතිකාර සඳහා තංගල්ල රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් තිබේ. මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 39 ක් වු කෙමේගල, වෑකදවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
ඝාතනය සිදුකලේ කවුරුන්ද යන්න අනාවරණය වී නොමැති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට වීරකැටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
.