News Line| Off Air
Generic placeholder image

Mar
25

කොරෝනා වෛරසයට ගොදුරු වූ රෝගියෙකුගේ සං‌‌වේදී ඉල්ලීමක්

3172 Views


කොරෝනා වෛරසයට ගොදුරු වූ  රෝගියෙකුගේ සං‌‌වේදී  ඉල්ලීමක්

මේ වන විට මාරාන්තික කොරෝනා වෛරසයට ගොදුරු වූ කාන්තාවක් ලෝකයේ අනෙකුත් ජනතාවගෙන් සංවේදී ඉල්ලීමක් කර තිබෙනවා. ඒ අනුව ඊට අදාළ වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන අතර ඊට කාගේත් අවදානය මේ වන විට යොමුව තිබෙනවා.

එංගන්තයේ ඩර්හැම්හි මිෂෙල් රොබ්සන් නම් ඇය සිය ෆේස්බුක් පිටුවට හරහා මෙම ඉල්ලීම සිදු කර තිබෙනවා. ඇයගේ ඉල්ලීම නම්

“අනිත් අය මේ අවධානමට ලක්වීමට පෙර කරුණාකර දෙවරක් සිතන්න.. අවංකවම මගේ මතය නම් මම මෙය වෙන කාටවත් වෙන්න එපා. ඉතින් කරුණාකර ප්‍රවේශම් වන්න ලොකු ජනතාවක් එක් නොවිය යුතුයි. ඒක කරනවානම් මිනිස්සු එයට සම්බන්ධ වෙනවනම් වෛරසය බෙදා හැරීමේ මධ්‍යස්ථානවලට යනවනම් ගොඩක් රෝගීන්ට හා මරණ සඳහා වගකිව යුතු වෙනවා. මම ඔබගෙන් බැගෑපත්ව ඉල්ලා සිිටිනවා. කරුණාකර ප්‍රවේශම් වන්න. වගකීමෙන් කටයුතු කරන්න ” යනුවෙනි.


News Articles
Latest Videos
Most Popular Post